Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වීදි සරා වැඩ වරද්දා ගත් ක්‍රීඩකයින් තිදෙනා ලංකාවට පැමිණෙයි  

Add comments

එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුළෙන් මිදී වීථියක සංචාරය කළ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් තුන් දෙනා අද මව්බිමට යළි පැමිණියා. තරගාවලිය අතරමැද මේ විදියට හිස් අතින් ම එන්න සිද්ධවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා පිතිකරු ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් සංචාරයක් සදහා එංගලන්තයට ගොස් සිටින අතරතුර ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට පැමිණ සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වීමත් සමගයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ක්‍රීඩකයන් මව්බිමට ගෙන්වා ගැනීමේ තීරණයට එළඹුනේ.

ඔවුන්ට අදාළ ජෛව ආරක්ෂණ බුබුළුලෙන් පිටතට යාමේ සිද්ධිය පදනම් කරගෙන මෙලෙස තරග තහනමක් ද පනවා තිබෙනවා. කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සෞඛ්‍ය නිර්නායකයන්ට අනුකූලව ක්‍රිකට් තරග සංවිධාන කළ අතර එහිදී සියලු ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩල ජෛව බුබුළකට අනුගතව ක්‍රියා කළ යුතු වනවා. එසේ තිබියදී මෙම ක්‍රීඩකයින් පිටතට පැමිණියේ කෙසේද යන්න පිළිබද විමර්ශනය කෙරෙනවා.

අද දහවල් 1.15 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණි මෙම ක්‍රීඩකයින් දින 14 ක නිරෝධායනය සදහා මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

The post වීදි සරා වැඩ වරද්දා ගත් ක්‍රීඩකයින් තිදෙනා ලංකාවට පැමිණෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG