Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 13ක් අ‌ගෝස්තු මාසයේ කෙන්යාවට  

Add comments

කොරෝනා වයිරසයට එරෙහිව ඇමරිකාවේ නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 13 ක් අ‌ගෝස්තු මාසය වනවිට තම රටට ලැබීමට නියමිත බව කෙන්යා ජනාධිපතිවරයා පවසනවා.

කෙන්යාව තුළ සිදු කෙරෙන වයිරසයට එරෙහිව එන්නත්කරණය වේගවත් කිරීමට එන එන්නත් තොගය ඉවහල් වනු ඇති බවටයි කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සඳහන් කරන්නේ. අප්‍රිකා කලාපයේ අනෙකුත් රටවල් මෙන්ම කෙන්යාවද වයිරසය හමුවේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා. කෙන්යාවේ ජන ගහනය මිලියන 47ක් පමණ වන අතර පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇත්තේ මිලියනයකට පමණයි. තවත් ලක්ෂ තුනක පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබෙනවා. ඇමරිකාවෙන් තමන් මිලදී ගත් එන්නත් මාත්‍රා මිලියන 13 ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම තමාට ලබාදෙනුයේ එන්නත් මාත්‍රා මිලියන 10 ක මිලට බවද ජනාධිපතිවරයා ජනතාව අමතමින් තවදුරටත් පවසා සිටියා. එමෙන්ම ලෝක බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 130 ක මුදලක් ආධාර ලෙස කෙන්යාවට හිමිව තිබෙනවා.

 

 

The post ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 13ක් අ‌ගෝස්තු මාසයේ කෙන්යාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG