Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්  

Add comments

මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා.

අභියෝග මැදින් සෞභාග්‍ය යේ මාවත කරා යන මැයෙන් භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා මෙහිදී මුදල් අමාත්‍යංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරිපත් කළා. අසීරු කාල වකවානුවක වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුලු බොහෝ පිරිසකට සහන සැලසීමට ක්‍රියා කළ අයුරු ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ඒ සියල්ල සිදු කර ඇත්තේ 2019 වසරේ පියවා නොතිබූ රුපියල් බිලියන 423 ක හිග බිල්පත් ද ගෙවා දමමින් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම කොරෝනා පාලනය සදහා පසුගිය වසරේදී රජය රුපියල් බිලියන 117 ක් වැය කර තිබෙනවා. මේ වසරේ මේ දක්වා රුපියල් බිලියන පනස් තුනක් වැය කෙරුණා.

අදාළ කාලය තුළදී එන්නත්කරණය හා අනෙකුත් වියදම් සදහා තවත් රුපියල් බිලියන 92 ක් වැය කර ඇති බව ආටිගල මහතා කියා සිටියා. විමධ්‍යගත අරමුදලෙන් මේ වනවිට රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගණන 11000 ක් බව මෙහිදී හෙළි කෙරුණා. නිෂ්පාදන ගම්මාන 500 ක් ඇති කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව  සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ප්‍රකාශ කළා.

2020,2024 කාලයේදී කොටස් වෙළදපොල තුළ අලුතින් සමාගම් 500 ක් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

The post මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG