Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජගත් වැල්ලවත්ත පත් කෙරේ  

Add comments

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජගත් වැල්ලවත්ත පත්ව සිටිනවා.

නව තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත ඉතාලියේ ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීම පසුගියදා සිදුවුණා. අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව වැල්ලවත්ත මහතා ඉතාලි ජනාධිපතිවරයාට හා එම රජයට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උණුසුම් සුබපැතුම් පිරිනැමුවා. ඉන් අනතුරුව ඉතාලි ජනාධිපතිවරයා සහ වැල්ලවත්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවගෙන් විශාල සංඛ්‍යාවකගේ නිවහන වී ඇත්තතේ ඉතාලිය බව මෙහිදී ඒ මහතා ඉතාලි ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාවේදී ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට සත්කාර කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැල්ලවත්ත මහතා ඉතාලි රජයට සිය කෘතඥතාව පළකළා. සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතෙකු වන ආචාර්ය ජගත් වැල්ල වසර 30 කට ආසන්න කාලයක් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා. ජාතික ප්‍රතිපත්ති මෙහෙයවීමේ විශේෂ හැකියාවක් ඇති සමාජ විද්‍යාඥයෙකු වන වැල්ලවත්ත මහතා විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලාංකික ප්‍රජාවට සිය අත්දැකීම් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සහයෝගීතාවය , රාජ්‍ය උකස් හා ආයෝජන  බැංකුව , ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු ආයතන රැසක සභාපති ධුරය හොබවා ඇති වැල්ලවත්ත මහතා මෙරට කීර්තිමත් සමාජ විද්‍යාඥයෙකු වනවා.

 

The post ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ජගත් වැල්ලවත්ත පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG