Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුමයි – ජනපති  

Add comments

රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. රාජ්‍ය සේවකයින්ගෙන් බහුතරය වැඩකිරීමට කැමති බවත් අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස්දීම හා දිරිගැන්වීම බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

රජයේ ඉදිරි සැලසුම් පිළිබදව දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා. තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්ෂණය කරන බව සදහන් කළ ජනාධිපතිතුමා ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින් සියලු සේවකයින් දිරිගන්වමින් ඉහළ අධීක්ෂණයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙහිදී පෙන්වා දුන්නා. සේවා ඉටු කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප්‍රතිපත්තියක බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම හමුවේදී තවදුරටත් සදහන් කළේ.

කාබනික පොහොර භාවිතයෙන් පළාත් මට්ටමින් ලැබූ අස්වැන්න පිළිබද සතුටු විය හැකි බවත් විධිමත් අයුරින් ගොවින් දැනුවත් කිරීමෙන් අපේක්ෂිත අරමුණු කරා ළගා විය හැකි බවත් පළාත් ආණ්ඩුකාරවරුන් මෙහිදී පෙන්වා දුන්නා. යල කන්නය සාර්ථක කර ගැනීමට ගෙන ඇති ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැහැදිලි කළ අතර සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි පස පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දී ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී සදහන් කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ. ගම් මට්ටමින් පවතින අඩුපාඩු විමර්ශනය කර තොරතුරු ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරමින් ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියා.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුද අමාත්‍යාංශ හා පළාත් සභා නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක්  මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

The post රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුමයි – ජනපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG