Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත නිසා විනාශයක් වැළකුණු හැටි ජනපති ලොවටම කියයි  

Add comments

රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කර ගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ පැවති වැඩසටහනකට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ.

සර්ව එන්නත්කරණය කඩිනම් කිරීම සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ තේමාත්මක විවාදය මැයෙන් එම වැඩසටහන පැවැත්වුණා. ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාවේ අසමානතා පවතින අවස්ථාවක නව ප්‍රභේද මතුවීමේ දැඩි අවදානමක් ඇති බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. සෑම පුද්ගලයෙකුම එන්නත්කරණයට ලක්කිරීම වසංගතයෙන් මිදීමට ඇති හොදම මාර්ගය බව ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා.

විවාදයේ පළමු වටයේදී එන්නත් නිෂ්පාදනයේදී හා බෙදාහැරීමේදී මතුව ඇති අභියෝග ඇතුලු අංශ රැසක් සම්බන්ධයෙන්  අවධානය යොමු වුණා. දෙවන වටයේදී වර්තමාන අභියෝග ජය ගැනීමට අවශ්‍ය නව උත්පාදන හා විසදුම් පිළිබදව සාකච්ඡා කෙරුණා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ශාහිඩ් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ද මෙහිදි අදහස් පළ කළා.

The post එන්නත නිසා විනාශයක් වැළකුණු හැටි ජනපති ලොවටම කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG