Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය මානව හිමිකම් සංවර්ධන මාවතට ස්ථිර ලෙස අනුගත විය යුතුයි – චීන ජනපති  

Add comments

චීනයේ මානව හිමිකම් සංවර්ධන මාවතට ස්ථිර ලෙස අනුගත විය යුතු බව චීන කොමිනියුස්ට් පක්ෂ මහ ලේකම් හා ජනාධිපති ෂී ජින්පිං මහතා පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ කණ්ඩායම් අධ්‍යයන සැසිය අමතමින් අවධාරණය කරයි.

නවීන සමාජවාදී චීනයක් පූර්ණ ලෙස ගොඩ නැගීම සඳහා රට නව ගමනක් ආරම්භ කර තිබේ. ඒ‍  හේතුවෙන් මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කිරීමට, ගරු කිරීමට සහ ආරක්ෂා කිරීමට සහ චීනයේ මානව හිමිකම් ප්‍රගමනය වඩා හොඳින් ඉදිරියට ගෙන යාමට වැඩි උත්සාහයක් ගන්නා ලෙසට ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම චීන කොමිනියුස්ට් පක්ෂය අත්නොහරින හඹා යෑමක් යැයිද හෙතෙම අවධාරණය කළේය. 2012 වසරේ පැවති 18 වැනි චීන කොමිනියුස්‍ට් පක්ෂ ජාතික සම්මේලනයේ සිට, මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම ජාතික පාලනයේ වැදගත් න්‍යාය පත්‍රයක් බවට පත් කර ඇති අතර, චීනයේ මානව හිමිකම්හී ඓතිහාසික ජයග්‍රහණ ලබා ගෙන ඇති බවද හෙතෙම පැවසීය.

නිරපේක්ෂ දරිද්‍රතා ප්‍රශ්නය විසඳීමට හැකිව තිබේ. සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් වර්ධනය වී ඇත. සමාජ සමානාත්මතාවය සහ යුක්තිය ස්ථිර ලෙස සුරක්ෂිත කර ඇති අතර, ලොව විශාලතම අධ්‍යාපන, සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය සේවා පද්ධති ස්ථාපිත කිරීමට හැකිව ඇති බවද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

The post චීනය මානව හිමිකම් සංවර්ධන මාවතට ස්ථිර ලෙස අනුගත විය යුතුයි – චීන ජනපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG