Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනයට දරුණු ප්‍රහාරයක් දී සාම කතාවකට පුටින් එකඟ වෙයි  

Add comments

යුධ ගැටුම් නවතා යුරෝපා කලාපයට සාමය ගෙන ඒම සදහා රුසියා යුක්රේන බලධාරීන් අතර සාම සාකච්ඡා අද ආරම්භ වුණා. යුක්රේන,  බෙලරූස් දේශසීමා ආසන්නයේදී මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

සාකච්ඡා මේ වනවිටත් පැවැත්වෙන අතර අවි බිම තබා සටන් විරාමයකට එළඹෙන ලෙසයි යුක්රේනය මෙහිදී රුසියාවෙන් ඉල්ලා ඇත්තේ.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයට අදට දින 5 ක්. ඊයේ රාත්‍රියේ ද යුක්රේනයේ කියෙව්,  කාකයිෆ් හා චර්නිහිෆ් නගර ඉලක්ක කරගනිමින් රුසියා හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා. එම ප්‍රහාරයන් යුක්රේන හමුදාවට දැඩි බලපෑමක් එල්ල කළ බවයි යුක්රේන හමුදා ප්‍රකාශකයෙකු සදහන් කළේ. ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලන්ස්කි පවසනවා. ප්‍රහාර දරුණුවීමත් සමග යුරෝපා සංගමය ඇතුළු රටවල් බොහොමයක් යුක්රේනයට ලබාදෙන යුද ආධාර ඉහළ දැමීමට පියවර ගත්තා. එමෙන්ම රුසියා ගුවන් යානා සදහා යුරෝපයේ ගුවන් කලාපය හා රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාලිකා තහනම් කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒත් සමගම බටහිර රටවලට දරාගත නොහැකි සම්බාධක පනවන බවයි රුසියා ජනපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරන්නේ. සම්බාධක මගින් තම ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම විසදා ගැනීමට හැකි බවද ඔහු පවසනවා. මේ අතර අර්බුධය සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ විශේෂ සැසිවාරයක් අද පැවැත්වෙනවා. එහිදී රුසියාවේ ප්‍රහාර සම්බන්ධයෙන් සාමාජික රටවල් 193 ට තම අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදාවනවා. රුසියාවට පනවා ඇති සම්බාධක දැඩි කිරීමත් සමග ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුසියා රූබල‍යේ අගය සියයට 30 කින් පහළ ගියා. මුදල් ලබා ගැනීම සදහා රුසියානු ජනතාව එරට බැංකු අසල දිගු පොල්ම්වල රැදී සිටින බවටයි වාර්තා වන්නේ. රුසියා මහ බැංකුවට පැනවූ සම්බාධකත් සමගින් ඔවුන්ට අයත් ඇමෙරිකා ඩොලර් බිලියන 630 ක විදේශ සංචිත භාවිතයට ගැනීමේ හැකියාව අහිමිවනවා. ඒත් සමගම රුසියා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත්තා. සියයට 9 දශම 5 ක්ව තිබූ පොලී අනුපාත සියයට විස්ස දක්වා ඉහළ දමා තිබෙනවා.

අවතැන් වූ යුක්රේන වැසියන් මිලියන 7 කට අධික සංඛ්‍යාවක් අසල්වැසි රටවලට ඇතුළුවනු ඇති බවට යුරෝපා සංගමය විශ්වාසය පළකරනවා. රුසියාවේ ප්‍රහාර හමුවේ මේ වනවිට යුක්රේනය හැර ගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ හතරකට ආසන්නයි. ඔවුන් ජාත්‍යන්තර දේශසීමා හරහා පෝලන්තය,  රුමේනියාව,  හංගේරියාව,  මෝල්ඩෝවා හා ස්ලෝවැකියාව යන රටවලට ඇතුළුවී තිබෙනවා.

මේ අතර බෙලරූස් රාජ්‍ය තුළ න්‍යෂ්ටික අවි ස්ථාපිත කිරීමට එරට ජනතාව සිය අනුමැතිය ලබාදුන්නා. යෝජනාවට පක්ෂව සියයට 65 දශම එකයි හයක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති අතර ඉදිරියේදී රුසියාව බෙලරූස් රාජ්‍ය තුළ න්‍යෂ්ටික අවි ස්ථාපිත කරනු ඇති. මේ අතර යුධ ගැටුම් අතරතුර රුසියා සෙබලුන් 5,300 ක් ඝාතනය කළ බව යුක්රේනය නිවේදනය කරනවා. යුද ටැංකි 191 ප්‍රහාරක ගුවන් යානා 29 ක් හෙලිකොප්ටර් යානා 29 ක් ට්‍රක් රථ 816 ක් සම්පූර්ණයෙන්ම විනාශ කළ බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ. කෙසේ වුවද මෙම තොරතුරු ස්වාධීනව තහවුරු කර නැහැ. යුධ ගැටුම් නවතාලීමට තම ජනාධිපතිවරයාට බලකර සිටින ලෙස යුක්රේන විදේශ අමාත්‍යවරයා රුසියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදුකළේ.

න්‍යෂ්ටික අවි ඒකක සීරුවෙන් තබන ලෙස ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නියෝග ලබා දුන්නා. බටහිර රටවලින් එල්ලවන ආක්‍රමණශීලී ප්‍රතිචාර හේතුවෙන් තමා මෙම පියවර ගත් බවයි රුසියා ජනාධිපතිවරයා සදහන් කරන්නේ. කෙසේ වුවද යුක්රේනයට පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියාසිටිනවා.

 

 

The post යුක්රේනයට දරුණු ප්‍රහාරයක් දී සාම කතාවකට පුටින් එකඟ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG