Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළමුවෙනි වටයේ ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා ලක්‍ෂ 4 කට ආසන්න ගණනක් එන්නත් කෙරේ  

Add comments

කොරෝනා මර්දන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා තුන්ලක්ෂ අනූතුන්දහස් හාරසිය හැටනවයක් ඊයේ දිනය වනවිට ලබාදී අවසන්කර තිබෙනවා. එමෙන්ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඉන්දියාවේ සිට ඊයේ දිවයිනට රැගෙන ආවා. ඒ සදහා රජය වියදම් කළ මුදල රුපියල් මිලියන 510 ක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මෙම ගෙවීම සිදුකර තිබෙනවා.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා දාහතර දහස් අටසිය හැට හයක් ඊයේ දිනයේ දී ලබාදී තිබෙනවා. ඒ අනුවයි එන්නත් මාත්‍රා තුන් ලක්ෂ අනූ තුන් දහසකට අධික ප්‍රමාණයක් ඊයේ දිනය වනවිට ලබාදීමට හැකි වී තිබෙන්නේ. මේ අතර ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ පහක තොගය ඉන්දීය ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ දහවල් 1.30 ට පමණ දිවයිනට රැගෙන ඒම සිදුවුණා. ඒ විශේෂ ශීතකරණ පහසුකම් යටතේයි. අනතුරුව එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම එන්නත් ගබඩාව වෙත ප්‍රවාහනය කළා.

මධ්‍යම එන්නත් ගබඩාවේදී ඖෂධ තොගය භාරගත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එය වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර කළා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post පළමුවෙනි වටයේ ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා ලක්‍ෂ 4 කට ආසන්න ගණනක් එන්නත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG