Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි  

Add comments

ධර්ම සේනාධිපති සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

රජග‍හනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතය ද සිදුවූයේ අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ සදහා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේද අද වැනි දිනෙක බව ශාසන ඉතිහාසයේ සදහන් වනවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි.  සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට දකුණත් සවු සහ වමත් සවු යන ශාසනික තනතුරු පිරිනැමීම ද නවම් පොහෝ  දිනකදී සිදුව තිබෙනවා. නවම් පුන් පොහොය වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන ශීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙන එන සවණක් රැස් සජීව විකාශය මෙවර ගෙන එන්නේ හගුරන්කෙත ඉඩම්පිටිය මොරපාය රජමහා විහාරස්ථානයේ සිටයි. අද අලුයම සිටම මෙම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වනවා. විහාරාධිපති පූජ්‍ය දීගලහින්නේ සීලවංශ ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි පිංකම් පැවැත්වෙනවා.

මේ අතර ලක්හඩ ගුවන් විදුලිය සෑම පුන් පොහෝ දිනකම ක්‍රියාත්මක කරන ශාසනාලෝක වැඩසටහන ද මෙම විහාරස්ථානයේදී පැවැත්වුණා. සාමණේර භික්‍ෂූන්වහන්සේ සදහා අවශ්‍ය ධර්ම පුස්තක පූජා කිරීම මෙන්ම උන්වහන්සේගේ දෙමව්පියන් සදහා උපහාර පිරිනැමීම ද මෙහිදී සිදුවුණා. මෙවර ක්‍රියාත්මක වූයේ 101 වන  ශාසනාලෝක වැඩසටහනයි.

The post නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG