Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹෙයි  

Add comments

අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 10 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.

දිවයින පුරා අපේක්ෂකයන් හයලක්ෂ විසිදෙදහසක්  විභාගයට මුහුණ දීමට සූදානමින් සිටිනවා. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක් ද සූදානම් කර ඇති අතර කෝවිඩ් නයින්ටීන් ආසාදනයට ලක් වූ අපේක්ෂකයන් සදහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපනය කර  තිබෙනවා.

අතිරේක විශේෂ විභාග මධ්‍යස්ථාන සූදානම් කර තැබීම වෙනුවෙන් පළාත් මට්ටමින් රුපියල් ලක්ෂ 500කට අධික මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා සදහන් කළා. එක් එක් පළාත්වල අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවෙමින් තොරතුරු ලබා ගැනීමට අමාත්‍යවරයා කටයුතු කළා.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සිසුන්ගේ පූර්ණ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන තිබෙනවා. විභාග කාල සීමාව තුල ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග සාකච්ඡා කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කළා.

කිසියම් ප්‍රදේශයක අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවුවහොත් විභාග ශාලා වෙත සිසුන්ට බාධාවකින් තොරව පැමිණීම සදහා ආරක්ෂක අංශවල දායකත්වය ඇතිව සම්බන්ධීකරණ වැඩපිළිවෙලක්ද සකස් කර තිබෙනවා. කොතෙක් අභියෝග පැමිණියද දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සදහා පූර්ණ අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මෙවර සාමාන්‍ය පෙළවිභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ දී ලබාදී ජූලි මාසයේදී උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සදහා හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල්වල විශබීජහරණ කටයුතු සිදු කෙරෙනෙ ආකාරය මෙලෙස දැක ගැනීමට ලැබුණා.

 

 

 

 

 

 

 

 

 

The post සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG