Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝවක් – අගමැති  

Add comments

යහපාලන ආණ්ඩුව ඇමෙරිකාවේ ආර්ථික කොරිඩෝවක්, අපේ රටේ හදන්න උත්සහ කලත් අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝවක් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා.  අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ කෘෂි අපනයන කලාප පිහිටුවන ජාතික වැඩසටහන ආරම්භ කරන උත්සවයේදීයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කෙරුණේ කසාගල රජමහා විහාරස්ථානයේදීයි. ව්‍යාපෘතිය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා අඹ පැළයක් රෝපණය කළා. අනතුරුව ඉහළ අලුත්වැවට මත්ස්‍යයන් මුදා හැරීම ද සිදු කෙරුණා. එමෙන්ම ප්‍රදේශවාසීන් සදහා අඹ, කජු හා ගම්බිරිස් ඇතුළු අපනයන බෝග පැළ බෙදා දීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කජු පැළ ලක්ෂයක් සිටුවීමද මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදුකෙරෙනවා.

මෙම වසර අවසන්වීමට පෙර දිස්ත්‍රික්ක දහයක කෘෂි අපනයන කලාප ගම්මාන සියයක් පිහිටුවීමට නියමිතයි. පළාත් නවය තුළ ඇති පාරිසරික හා දේශගුණික තත්ත්වයන්ට සුදුසු වගාවන් සිදුකිරීම මේ අනුව සිදුවනවා.

මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝවක් – අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG