Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති ශිෂ්‍ය මිගාරට පහරදුන් චෝදනාවට පොලිසියේ හතරකගේ වැඩ තහනම්  

Add comments

පෑලියගොඩ පොලිස්ථානය තුළදී මිගාර ගුණරත්න නමැත්තාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති විමර්ශනවලට අදාළව ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරුන් 3 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයකට අනුව සිදු කළ මෙහෙයුමකදී චෝදනා රැසක් සම්බන්ධයෙන් නයිජීරියන් ජාතිකයන් 4 දෙනෙකු, බෙලරූෂ් කාන්තාවන් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හා කාන්තාවක අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් පෑලියගොඩ පොලිස්ථානයේ රැදවුම් නියෝග මත රදවා සිටි බවයි පොලීසිය ප්‍රකාශ කළේ. රුපියල් දාහත්ලක්‍ෂ හතළිස් පන්දහස් පන්සියයක් වංචා කිරීම, හෙරොයින් මත්ද්‍රව්‍ය 25යි මිලිග්‍රෑම් 120 ක් ළග තබා ගැනීම, ජාවාරම් කිරීම, ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා යොදා ගන්නා කඩදාසි සියයේ බන්ඩල් 25 ක් ළග තබා ගැනීම, වාණිජමය ලිංගික කටයුතුවල යෙදීම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනායි.

මෙම සැකකරුවන් අතර සිටි මල්වත්ත විදානලාගේ ප්‍රතිභා දිල්රුක්‍ෂි යන අය බැලීමට රාත්‍රී 8.35 ට පමණ පුද්ගලයෙකු පැමිණ ඇති අතර ඔහු මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්න නමැත්තා බවට හදුනා ගත් බවයි පොලීසිය පවසන්නේ. එහිදී පොලීසිය හා ඔහු අතර ඇති වූ ගැටුමේදී එම පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ විශේෂ නියෝගයක් මත පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි. පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී එස් වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ එක් කණ්ඩායමක් ද කැලණිය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වන සුමිත් ගුණරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ තවත් කණ්ඩායමක් ද පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

දැනට සිදුකර ඇති විමර්ශනවලට අදාළව පෑලියගොඩ පොලිස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් 3 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද පොලීසියට උපදෙස් දී තිබෙනවා.

 

 

 

The post නීති ශිෂ්‍ය මිගාරට පහරදුන් චෝදනාවට පොලිසියේ හතරකගේ වැඩ තහනම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG