Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකාවට එරෙහි UN මානව හිමිකම් වාර්තාවට රටවල් 21 ක් විරුද්ධවෙයි -15 ක් මනාපයි  

Add comments

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21 ක් සහාය දැක්වුවා.

ශ්‍රී ලංකාවට විරුද්ධ වී ඇත්තේ රටවල් 15 ක් විතරයි. ඒ වගේම රටවල් දෙකක් මධ්‍යස්ථව සිය අදහස් පළ කළා.

ජගත් මානව හිමිකම් සැසි වාරය පස්වන දිනටත් ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකාව පිළිබදව ජගත් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඉදිරිපත් කළ විශේෂ නිර්දේශ ඇතුළත් වාර්තාව සම්බන්ධයෙන් ඊයේ රටවල් රැසක් සිය ස්ථාවරය ප්‍රකාශ කළා.

රුසියාව / චීනය / පාකිස්ථානය / ඉරානය / වියට්නාමය / මාලදිවයින / කියුබාව / නිකරගුවා / එරිත්‍රියාව / නේපාලය / කාම්බෝජය / ලාඕසය / අසර්බයිජානය / බෙලාරුස් / උතුරු කොරියාව / පිලිපීනය / ගැබෝන් / සිරියාව සහ ඊජීප්තුව ඇතුලු රටවල් 21 ක් මෙසේ ශ්‍රී ලංකාවට සහාය දැක්වූවා. එම රටවල් 21 න් 10 ක් ම  ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වනවා.

ශ්‍රී ලංකාවට විරුද්ධව සිය අදහස් පල කළේ එක්සත් රාජධානිය / නෝර්වේ / කැනඩාව / බෙල්ජියම / ඇමරිකාව ප්‍රමුඛ රටවල් 15 ක් පමණයි.

මධ්‍යස්ථව රටවල් 2 ක් සිය ස්ථාවරය ප්‍රකාශ කළ අතර ඒ ඉන්දියාව හා ජපානයයි. ඕස්ට්‍රේලියාව මෙතෙක් ජගත් මානව හිමිකම් කවුන්සිල සැසි වාරයන්හීදි බටහිර රටවලට පක්ෂව අදහස් පළ කළත් මෙවර ශ්‍රී ලංකාව කෙරෙහි මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම විශේෂත්වයක්. මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය නිකුත් කළ වාර්තාවේ ඇතුලත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රමෝපායක් සහ කාල සටහනක් එලි දක්වන්නැයි ඇමරිකාව 46 වන මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියා. චීනය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කළ නියෝජිත බෙන්ඉෂු කියා සිටියේ මානව හිමිකම් ගැටලු දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය පල කරන බවයි.

මේ අතර එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් සිදුකළ කෲර ඝාතන 250 ක් පිළිබද තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ස්විස්ටර්ලන්තයේ සියලුම බටහිර තානාපති කාර්යාලවලට බෙදාදීමට කටයුතු කෙරුණා. ශ්‍රී ලාංකිකයින්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානයයි එය බෙදාදීම සිදුකළේ.

 

The post ලංකාවට එරෙහි UN මානව හිමිකම් වාර්තාවට රටවල් 21 ක් විරුද්ධවෙයි -15 ක් මනාපයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG