Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැළණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට – විමසිලිමත් වන්නැයි ජනතාවට උපදෙස්  

Add comments

අත්තනගලු ඔය, මහ ඔය, කැලණි ගඟ, කලු ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. මේ පිළිබද  වැඩි සැලකිල්ලෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතේ මෙන්ම අම්පාර හා මඩකලපු යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර හතලිහක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. පුත්තලම සිට කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් පනහක් පනස් පහක් දක්වා වැඩිවන තත්වයකුයි පවතින්නේ. පුත්තලම සිට කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි තත්වයකුයි පවතින්නේ.

අත්තනගලු ඔය, මහ ඔය, කැලණි ගඟ, කලු ගඟ හා හිං ග‌‌ඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් මෙම ජලාශ ආශ්‍රිතව අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන් වඩාත් සැලකිලිමත් වන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

 

 

The post කැළණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට – විමසිලිමත් වන්නැයි ජනතාවට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG