Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා විදේශ ඇමති හමුවෙයි  

Add comments

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පසුගිය දා (27) හමු වූ ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකී කොටාරෝ මහතා ද්විපාර්ශ්වික කටයුතු, දේශීය වර්ධනයන් සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ලබා දෙන සහය හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

විශේෂයෙන්ම කොවිඩ්-19 ගෝලීය වසංගත ව්‍යාප්තියේ උච්ඡතම අවස්ථාවේ දී ජපාන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් නොමසුරු සහය සහ උපකාර අගය කළ විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග අවම කිරීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික මාර්ග හරහා ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එක්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් සැකසීමට ගත් තීරණයත් සමඟ ශ්‍රී ලංකා රජය පැරිස් ක්ලබ් ණයදායකයන්ගෙන්, G7 රටවල් සහ අනෙකුත් ණය හිමියන්ගෙන් සහය ලබාගැනීමට අදහස් කරන බව අමාත්‍ය පීරිස් මහතා මෙහිදී පැහැදිළි කළේ ය.

මෙම ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පැමිණීම සඳහා ඉවහල් වන ප්‍රමුඛතම සාධකය වන්නේ ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර ප්‍රජාව අඛණ්ඩව සම්බන්ධ වී කටයුතු කිරීම බව අවධාරණය කළ දෙපාර්ශ්වය, සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළහ. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තිරසාර විසඳුම් සෙවීමට ජපාන රජයේ සහය මෙරටට ලබා දෙන බව ජපාන නියෝජිතයා යළිදු අවධාරණය කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.

The post ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා විදේශ ඇමති හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG