Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝකය, චීනය සහ චීන-ඇමරිකානු සබඳතාව කෙරෙහි ඇමරිකාව දරන දැක්ම සාවද්‍ය බව චීනය පවසයි  

Add comments

ලෝකය, චීනය සහ චීන-ඇමරිකානු සබඳතාව කෙරෙහි ඇමරිකාව දරන දැක්ම, සාවද්‍ය බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.මෑතක දී ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා චීනය කෙරෙහි ඇමරිකානු ප්‍රතිපත්ති පිළිබඳ දේශනයේ දී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, චීන විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව පැවසීය. චීනය ජාත්‍යන්තර පද්ධතිය කෙරෙහි බරපතලම දිගුකාලීන අභියෝගයක් බව Antony Blinken ගේ දේශනය තුළ සඳහන් කෙරිණ.

මානවයන්ගේ සෞඛ්‍ය සුබසාධනය පොදුවේ සුරක්ෂිත කර, ලෝක ආර්ථීකය පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කරමින් ලෝක සාමය සහතික කිරීම, වත්මන් ජගත් ප්‍රජාව මුහුණ දෙන පුමුඛ වගකීම් බව වං යී මහතා පැවසීය. ඒ සඳහා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ චින්තනය ගොඩනගා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය සහ මූලධර්මය ක්‍රියාත්මක කළ යුතු ය. එහෙත් සීතල යුද චින්තනයෙන් යුතු ඇමරිකාව අධිපතිවාදය අනුගමනය කරමින් කල්ලි දේශපාලනයේ නිරත ව සිටී. එය ජගත් ප්‍රජාව අතර බෙදීම් හා ගැටුම් පමණක් නිර්මාණය කරනු ඇතැයි වං යී මහතා ප්‍රකාශ කළේය. චීන සංවර්ධනයේ ඉලක්කය වන්නේ අන් අයට අභියෝග කිරීමට වඩා, සිය ජනතා දිවිපැවැත්ම පෙරට වඩා යහපත් කර, ලෝකයට වඩාත් වැඩි දායකත්ව ලබා දීමයි. චීනය හා ඇමරිකාව අතර තරගයක් පැවතිය ද එය විනාශකාරී තරගයක් නොවිය යුතුය. තමරට වඩා යහපත් ලෙස පාලනය කරන්නේ කුමන රට ද සහ ලෝකයට වඩා වැඩි දායකත්ව ලබා දිය හැක්කේ කුමන රටට ද යන්න පිළිබඳ සාධාරණ තරගයකට එක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද වං යී මහතා පැවසීය.

The post ලෝකය, චීනය සහ චීන-ඇමරිකානු සබඳතාව කෙරෙහි ඇමරිකාව දරන දැක්ම සාවද්‍ය බව චීනය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG