Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වගකීම් විරහිත දේශපාලනඥයන් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන ඇමරිකානුවෝ  

Add comments

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක පසුගිය 24වැනිදා සිදු වූ වෙඩි තැබීමෙන් අවම වශයෙන් දරුවන් 19ක් ඇතුළු 21කට වැඩි පිරිසක් මිය ගියහ. එය, මානව හදවත්වලට දැඩි කම්පනය දනවන
ඛේදවාචකයකි. ගොදුරුවූ දරුවෝ තුවක්කු ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් බවට පත්වූහ. එබඳු වෙඩි තැබීමේ සිද්ධි හේතුවෙන් ඇමරිකානු ජනතාවගේ බලාපොරොත්තු සුන් ව ගියේය. ලාභ නොලබන සංවිධානයක් වන Gun Violence Archive මගින් ප්‍රසිද්ධ කෙරුණු දත්තවලට අනුව, වසර 2012 ඇමරිකාවේ Sandy Hook පාසලේ සිදු වූ ප්‍රචණ්ඩ වෙඩි තැබීමේ සිද්ධියේ සිට එරට හතරක් හෝ ඊටත් වැඩි මරණ ගණනකට තුඩු දුන්, විශාල පරිමාණ වෙඩි තැබීමේ සිද්ධි 3500ක් පමණ සිදු විය. මේ අතර ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මෑතකදී පළ කළ වාර්තාවට අනුව, වසර 2000 සිට 2020 දක්වා ඇමරිකානු අවි ආයුධ නිෂ්පාදකයන් තුවක්කු කෝටි 13.9ක් සිවිල් වෙළෙඳපොළට නිකුත් කර තිබිණ.

මතුපිටින් බැලුවහොත්, ඇමරිකාවේ තුවක්කු පාලනයේ අසීරුතාවට හේතුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනයේ දැක්වෙන, සිවිල්වැසියන්ට තුවක්කු හිමිවීමේ වගන්තිය වෙනස් කිරීමට
අපහසුවීම වුවද, එහි වඩාත් සංකීර්ණ සාධක සැඟව පවතී. ඇමරිකාවේ දේශපාලන පක්ෂ අතර ගැටුම්, ප්‍රතිලාභ කණ්ඩායම්වල බලපෑම්, වර්ගවාදය එහි සාධක කිහිපයක් ලෙස දැක්විය හැකිය. එහෙත් එම
තත්ත්ව සියල්ල අභිභවා, මීට බලපා ඇති ප්‍රධානම හේතුව, ඇමරිකානු දේශපාලනඥයන්, පොදු ජනතාවගේ ජීවිත කෙරේ දක්වන අතිශය නොසැලකිල්ල හා උදාසීනත්වය බව මනාව පැහැදිලි වී ඇත.

The post වගකීම් විරහිත දේශපාලනඥයන් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන ඇමරිකානුවෝ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG