Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අටුලුගම අතුරුදන්ව සිටි 9 හැවිරිදි දැරියගේ සිරුර හමුවේ  

Add comments

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරියගේ සිරුර අද හමු වුණා. ඇයගේ මරණය පිළිබද පුළුල් සැකයක් පවතිනවා. දැරියගේ නිවස ආසන්න ප්‍රදේශයේ වගුරු බිමක සිරුර ඇති බවට පොලිසියට ලද තොරතුරකට  අනුවයි සිරුර මෙසේ සොයා ගැනුනේ.

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි ෆාතිමා අයේෂා නමැති දැරිය අතුරුදන්ව තිබුණේ ඊයේ පෙරවරු දහයට පමණයි. ඇයගේ නිවසට මීටර් 250ක පමණ දුරින් පිහිටි වෙලදසැලකට කුකුල් මස් මිලදී ගැනීම සදහා ෆාතිමා ගොස් ඇති අතර යලි නිවසට නොපැමිණිම හේතුවෙන් සිදු කළ සොයා බැලීමක දී ඇය අතුරුදන්ව ඇති බව හෙළිවුණා. දැරිය අලුත්ගම අල්ගස්සාලි විද්‍යාලයේ හතරවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.

දැරිය වෙළෙදසැලෙන් පිටව යන අවස්ථාවේ දී ඒ අසල නවතා තිබූ වෑන් රථයක් සම්බන්ධයෙන් ද සැක මතුවීම හේතුවෙන් පරීක්ෂණ සිදුකෙරුණා. සීසීටීවී දර්ශන උපයෝගී කර ගනිමින් වෑන් රථයේ අංකය සොයාගෙන ඇති අතර ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකර තිබෙනවා. එහි දී වෑන් රථයේ හිමිකරු සොයා ගැනීමට ද හැකිවුණා. ඔහුගෙන් ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගත්තා. කෙසේ වුවද මෙම වැන් රථයේ පැමිණී අය අසල පිහිටි වෙළදසැලකින් භාණ්ඩ මිලදී ගැනීම සදහා එම ස්ථානයේ නතර කර තිබූ බව හෙලිකර ගැනුනා.  දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පුදගලයින් විසි දෙනෙකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කෙසේ වුවද පොලිස් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරතුර ප්‍රදේශවාසින් ද දැරිය පිළිබද සොයා බැලුවා. ඒ අනුවයි ඇයගේ සිරුර වගුර බිමක තිබී අද සොයා ගැනුනේ. ඒ පිළිබද තොරතුරු සපයා ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනුයි. මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

 

 

 

 

 

The post අටුලුගම අතුරුදන්ව සිටි 9 හැවිරිදි දැරියගේ සිරුර හමුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG