Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහභාගී නොවුණු පක්ෂවලට නැවතත් ජනපතිගෙන් ආරාධනා  

Add comments

වත්මන් ආර්ථික ගැටලුවට විසදුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සදහා වන සර්වපාක්ෂික සමුළුව අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

සමුළුව කැඳවීම අවංක ප්‍රයත්නයක් මිස  දේශපාලන වාසි ලබාගැනීමක් නොවන බව අවධාරණය කළ ජනාධිපතිතුමා වත්මන් ආර්ථීක ගැටලුවට විසඳුම් සෙවීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්වන ලෙස මෙහිදී ආරාධනා කළා. යෝජනා හා අදහස් ලබාදීමට පැමිණි සියලු පක්ෂවලට ස්තුතිය පල කළ ජනාධිපතිතුමා සහභාගී නොවූ පක්ෂවලටත් සිය ස්ථාවරය පවසන්නැයි ආරාධනයක් ද සිදු කළා.

ජනාධිපතිතුමා කැද වූ සර්ව පාක්ෂික සමුළුව පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේදීයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා  නිදහස් පක්ෂය, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල්, කදුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, යන පක්ෂවල නියෝජිතයන් සර්ව පාක්ෂික සමුළුවට එක්ව සිටියා. එසේම ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හවුල්කාර පක්ෂ 11 ක් නියෝජනය කරමින් ඊට සහභාගී වුණා. සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය සහ ඉලංගෙයි තමිල් අරසු කච්චිද සමුළුවට එක්ව සිටියා. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන ඩයනා ගමගේ මහත්මියද සමුළුවට සහභාගී වුණා. සමගි ජනබලවේගය,  ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලබා දෙන ජාතික ජනබලවේගය, ලංකා කම්කරු කොංග්‍රසය සහ සී වී විග්නේස්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය සමුළුවට සහභාගී වූයේ නැහැ.

The post සහභාගී නොවුණු පක්ෂවලට නැවතත් ජනපතිගෙන් ආරාධනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG