Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකාව ගැන IMF වාර්තාව එළියට  

Add comments

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කරනු ලබන සිය කාර්ය මන්ඩල වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අතර එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබද ප්‍රකාශය ද  ඊට ඇතුළත්.

මෙරට සාර්ව ආර්ථික ස්ථාවර භාවය සහ ණයවල තිරසාර භාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සදහා විශ්වාසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් ලංකා රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනමින් අවශ්‍යවන බවයි එම වාර්තාවේ සදහන් වන්නේ. එමෙන්ම ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සදහා බදු මුදල් ඉහළ නැංවිය යුතු බවද අයිඑම් එෆ් වාර්තාවේ නිර්දේශවලට ඇතුළත්. අදාල අයිඑම් එෆ් වාර්තාව මගින් මෙරට මුහුණපා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මක විග්‍රහයක්  සිදුකර තිබෙනවා. ගෝලිය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල හානියක් සිදුවූ බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.  කොවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක ලැබිම් අහිමිවීම හා රට අගුලු දැමීම හමුවේ මෙම ආර්ථික ගැටලු වඩාත් තීවුර වූ බව අදාල නිර්දේශ තුළ දක්වා තිබෙනවා. කොවිඩ් බලපෑම හේතුවෙන් 2020 සහ  2021 වසර වල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයකට වඩා විශාල මුල්‍ය හිගයකට ඇදවැටී ඇති අතර විස්සයි විසිඑක වසරේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකසිය දහනවයක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙරට ආර්ථිකය මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුද තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ඊට අදාල වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලීම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පසුගියදා මෙරටට පැමිණියා.

 

 

 

 

The post ලංකාව ගැන IMF වාර්තාව එළියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG