Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මානව සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රසංසනීයයි  

Add comments

2022 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුර ගෝලීය ආහාර අර්බුදය මධ්‍යයේ මානව ප්‍රාග්ධනය ආරක්ෂා කිරිම සහ ශක්තිමත් කිරිම යන තේමාව රැගත් මානව ප්‍රාග්ධන සමළුවක් පැවැත් වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ‌ශෙහාන් සේමසිංහ මහතා ඊට සහභාගී වුණා.

සමුළුව අමතමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මානව සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රසංසනීය බවයි. 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධන දර්ශකය 60ක් වු අතර එය දකුණු ආසියාවේ සහ ගෝලීය වශයෙන් ගත් විට සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් ගන්නා බව ද ඒ මහතා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරිම සදහා රජය ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව සහ සෙසු සංවර්ධන හවුල් කරුවන් සමග කටයුතු කරමින් සිටිනවා. ආර්ථික ප්‍රතිසංස්කරණය වැදගත් වුව ද ඒවා ක්‍රියාත්මක කිරිමේ දී දිළිදු සහ අවධානමට ලක්වන ජනතාව පිළිබද වැඩි අවධානයක් යොමු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර පැරිස් සමාජයේ සම සභාපති විලියම්රූස් මහතා හමුවී සාකච්ඡා පැවැත් වු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරනවා. ණය අර්බුදයට කඩිනමින් විසදුමක් සේවීමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සහය සදහා පැරිස් සමාජයේ පූර්ණ සහය ලබා දෙන බවට රූස් මහතා සදහන් කල බවයි එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

 

 

The post මානව සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රසංසනීයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG