Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඛනිජ හා ඛනිජ වැලි සම්පත්හි උපරිම ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර ගැනීමට පියවර |  

Add comments

ඛනිජ හා ඛනිජ වැලි සම්පත් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ස්ථාපිත කොට ඇති අමාත්‍යංශ උපදේශක කමිටුවේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාව තුළදී ඛනිජ හා ඛනිජ වැලි සම්පත් වෙනුවෙන් අගයදාම නිෂ්පාදන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දීර්ඝව කතිකාවට ලක්වුණු අතර එහිදී මතුවන ගැටළු හා බාධාවන් පිළිබඳවද පුළුල් සාකච්ඡාවක් කෙරිණි.

අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ඇති ඛනිජ හා ඛනිජ වැලි සම්පත් ස්ථානීයව මෙන්ම ගුණාත්මකව හා ප්‍රමාණාත්මකවද විධිමත් ගවේෂණයට ලක් කොට අගයදාම නිෂ්පාදන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහිදී එම අගය එකතුකල නිෂ්පාදනයන් ක්‍රියාත්මක කිරීමට ලෝකයේ නව්‍ය තාක්ෂණය , අද්‍යතන ප්‍රවණතා මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තත්වයන් කෙරෙහිද විශේෂ අවධානය යොමුකල යුතු බවත් සදහන් කල අමාත්‍යවරයා ඒ මගින් වැඩි ආර්ථික ප්‍රතිලාභයක් රටට අත්කර දිය හැකි බවත් වැඩිදුරටත් සදහන් කළේ ය.

එමෙන්ම මෙම සාකච්ඡාව තුළදී අගයදාම නිෂ්පාදන විධිමත් කිරීමට යම් නිෂ්චිත වැඩපිළිවෙළක් සැකසීමට මෙන්ම ඒ ආශ්‍රිත සමාගම්වලට , කර්මාන්ත කරුවන්ට හා ව්‍යවසායකයින්ට උපරිම පහසුකම් සැපයීමටත් අවශ්‍ය කටයුතු කතිකා කෙරිණි. මෙහිදී ගෝලීය තත්වයන් යටතේ තාක්ෂණය මත පදනම් වූ විධිමත් කතිකාවක් රට තුළ ඇති කිරීමටත් එකගතාවය පළ කෙරිණි.

 

The post ඛනිජ හා ඛනිජ වැලි සම්පත්හි උපරිම ආර්ථික ප්‍රතිලාභය රටට අත්කර ගැනීමට පියවර | appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG