Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් විශ්වවිද්‍යාල ගැන ජනපති රනිල්ගෙන් රාජකීය සිසුන්ට පණිවුඩයක්  

Add comments

විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන අවසන් කිරීමට අවස්ථාව සලසන බව ජනාධිපති රනිල් වික්‍රමසිං මහතා පවසනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

නවක වදය වැළැක්වීම සදහා වන විසදුම් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කුරුණෑගල සහ මඩකලපුව ප්‍රදේශවල ඇතුළුව නව විශ්වවිද්‍යාල කිහිපයක් කඩිනමින් ආරම්භ කරන බවයි

රාජකිය විද්‍යාලයේ කටයුතු මෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්වයන් පිලිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. දේශීය විශ්වවිද්‍යාලයක සහ විදේශීය විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය අතර විශාල වෙනසක් ඇති බවයි සිසුන් මෙහිදී පෙන්වා දුන්නේ. ඒ සදහා විධිමත් පිළියමක් නුදුරේදීම ලබාදෙන බව ජනාධිපතිවරයා කියා සිටියා. උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරිමට රජය ගෙන ඇති පියවර පිළිබදවද ජනාධිපතිවරයා පැහැදිලි කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය  වෙනම මණ්ඩපයක් බවට පත් කිරීම ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනවලට ජාතික විශ්වවිද්‍යාල සුදුසුකම ලබාදීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. විශ්වවිද්‍යාල නවක වදය පිළිබද සිසුන්ගෙන් විමසූ ජනාධිපතිවරයා සදහන් කළේ කොළඹ ප්‍රධාන පෙලේ පාසල්වලින් වාර්ෂිකව විශ්වවිද්‍යාල සදහා වැඩි සිසුන් පිරිසක් ඇතුළත් වුවද ඔවුන් ඒ පිළිබද නිහඩව සිටින බවයි. නවක වදය හේතුවෙන් සිසුන් කායිකව මෙන්ම මානසික පීඩාවට ලක්වන තත්ත්වය ඉහළ ගොස් ඇති අතර ඒ සදහා වන විසදුම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා අවධාරණය කළා.

 

The post අලුත් විශ්වවිද්‍යාල ගැන ජනපති රනිල්ගෙන් රාජකීය සිසුන්ට පණිවුඩයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG