Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝකය සමග එක්ව චීනය වඩාත් ක්‍රියාශීලීව කටයුතු කරනු ඇති බව චීන ජනපති කියයි  

Add comments

23 වැනිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාව පළමු පූර්ණ රැස්වීම පවත්වමින් සිය නව නායක මණ්ඩලය තෝරා පත් කර ගෙන තිබේ. එහිදී ෂී ජින් පිං මහතා 20වන මධ්‍යම කාරක
සභාවේ මහ ලේකම්වරයා වශයෙන් තේරී පත් විය. චීන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් එම නව නායක මණ්ඩලය එක් වූ මාධ්‍ය හමුව 23වැනිදා බෙයිජිංහි දී පැවැත්විණ.

අංගසම්පූර්ණ සමාජවාදී නවීකරණ රටක් ගොඩ නැගීමේ නව ගමනට චීනය පිවිස ඇති බවත්, චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය මගින් චීන ජාතික පුනර්ජීවනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට වැදගත්
යුගයක් උදා වී ඇති බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධන ක්‍රියාවලිය ස්ථිරව ඉදිරියට ගෙන යමින් ස්වකීය සංවර්ධනය මගින් ලෝකය වෙනුවෙන් වඩාත් වැඩි අවස්ථා නිර්මාණය කරනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්වයං විනය දැඩි කරමින් සෑමවිටම ජනතාවගේ වඩාත්ම විශ්වාසදායක සහ ශක්තිමත් පිටුබලය හිමිකර ගතයුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. වත්මන්ලෝකය පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටී. සියලු රටවල් සාමකාමී සහජීවනය හා සහයෝගිතාව පදනම් කරගෙන එම අභියෝග ජය ගත හැකි බව හෙතෙම පවසයි. චීනයේ සංවර්ධනය ලෝකය සමග බැඳී ඇති අතර ලෝක සංවර්ධනයට චීනයේ දායකත්වය අවශ්‍ය වේ. ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී චීනය විවිධ රටවල් සමග එක්ව වඩාත් ක්‍රියාශීලි ව කටයුතු කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ ය.

The post ලෝකය සමග එක්ව චීනය වඩාත් ක්‍රියාශීලීව කටයුතු කරනු ඇති බව චීන ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG