Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්  

Add comments

සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ලබන වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරාගන්න කඩිනම් වැඩපිලිවෙක් ඔස්සේ ක්‍රියා කරන ලෙසයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ.සංචාරක ක්ෂේත්‍රයේ  මතුව ඇති ගැටලු සහ එහි ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී මේ බව අවධාරණය කෙරුණේ. ලබන වසර වන විට සංචාරකයන් අටලක්ෂ පනස් දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුළින් ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නංවාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විදේශ ගුවන්යානා ගොඩබැස්සවීමේදී අය කෙරෙන ඉහළ ගාස්තු හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට අයහපත් බලපෑමක් එල්ල වී ඇති බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා. ඒ පිළිබඳ සොයා බලා ගැටලුව විසඳීමට  ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට උපදෙස් ලබා දුන්නා.මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා ඔවුන්ගේ සමස්ත සංචාරය ආවරණය කෙරෙන ජංගම දුරකතන යෙදවුමක් ලබන ජනවාරි මාසයේ සිට හදුන්වා දෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග , සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක් වුණා.

 

The post සංචාරක කර්මාන්තයේ ගැටලු කඩිනමින් නිරාකරණය කරන්නැයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG