Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවකවදය දුන් බවට තවත් කැලණිය සිසුවෙකුගෙන් පැමිණිල්ලක්  

Add comments

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවකවදය ලබාදුන් බවට එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවකු කිරිබත්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබෙනවා. නවකවදයට ලක් වූ සිසුවා මේ වන විට රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ සවස 3 ට පමණ දේශන අවසන්වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සදහා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය වෙවෙයමින් සිටියදී තමන් නවකවදයට ලක් වූ බවයි පැමිණිලිකාර සිසුවා පවසා ඇත්තේ. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඔහුගේ බාහිර පෙනුම  සම්බන්ධයෙන් දෝෂා‍රෝපනය කර කොණ්ඩය හා රැවුල බූ ගා දමන ලෙස පවසා තිබෙනවා. සපත්තු නොදා සෙරෙප්පු දමන ලෙසත් අත් ඔරලෝසු නොපලදින ලෙසටත් පැවසූ බවයි පැමිණිලිකරු සදහන් කරන්නේ. ඊට විරුද්ධ වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස  ඔහු විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් වෙත රැගෙන ගොස් තිබෙනවා. එහිදී ජ්‍යෙෂ්ඨ සිසුන් තුන් දෙනෙකු තමන්ගේ මුහුණට සහ ඇගට පහර කිහිපයක් එල්ල කළ බව පැමිණිලිකාර සිසුවා පවසනවා. පහරදීම සිදුවන අවස්ථාවේ සිසුන් 7 දෙනෙකු සිටි බවත් ඔවුන් නම් වශයෙන් නොදන්නා නමුත් නැවත දුටුවහොත් හදුනාගත හැකි බවත් පැමිණිල්ලේ සදහන්. සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සදහා කිරිබත්ගොඩ පොලීසිය විමර්ශන සිදු කරනවා.

 

 

 

 

 

The post නවකවදය දුන් බවට තවත් කැලණිය සිසුවෙකුගෙන් පැමිණිල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG