Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්  

Add comments

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරඟයෙන් කඩුලු 06ක ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 144 ක්. රහමනුල්ලා ගුර්බාස් ලකුණු 28 ක් ලබාගත්තා. දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 13 ට කඩුලු 3 ක් හා ලහිරු කුමාර ලකුණු 30 කට කඩුලු 2 ක් බිදහෙළුවා. කසුන් රාජිත හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් ලබාගැනීමට සමත්වුණා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක දී කඩුලු 04ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කලා. අඟනා ඉණිමක් ක්‍රිඩා කල ධනංජය ද සිල්වා පන්දු 42ක දී ලකුණු 66ක් රැස්කලා. ඊට 4 පහර 6 ක් හා 6 පහර 2ක් ඇතුලත්.

 

 

The post ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG