Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නව ජවයකින් ගමන් අරඹයි  

Add comments

ශ්‍රී ලාංකේය කලා කෙත අස්වැද්දූ බෙල්වුඩ් නිකේතනය නව ජවයකින් ගමන් ආරම්භ කර තිබෙනවා.

ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් බිහිකළ ජාතික තරුණසේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය එවකට කලා ක්ෂේත්‍රයට විශිෂ්ඨයින් රැසක් බිහිකළ ද පසුව මෙම නිකේතනය යම් පසුබෑමකට ලක්වුණා.

තරුණ සේවා සභාවේ මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් තරුණ තරුණියන් විශාල පිරිසක් සංගීත සහ නර්තන හැකියාවන් ප්‍රගුණ කළා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ප්‍රින්ස් උදයප්‍රියන්ත, විජය බණ්ඩාර වැලිතුඩුව,  චන්දන ලියනාරච්චි, ජයන්ත දිසානායක, චන්ද්‍රලේඛා පෙරේරා වැනී ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය ගායක ගායිකාවන් බිහිවූයේ මෙම බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙනුයි. ශර්ලි වෛයිජයන්ත, නිහාල් ගම්හේවා වැනි දක්ෂ සංගීතඥයින්ගේ උපදේශකත්වයෙන් බිහිවූ සැළලිහිණියෝ සහ යොවුන් ගී සංගීත කණ්ඩායම් ද සංගීත ක්ෂේත්‍රය තුළ සිය හැකියාවන් පෙන්නුම් කළා. එහෙත් යම් පසුබෑමකට ලක්වූ මෙම සෞන්දර්ය නිකේතනය නව ජවයකින් ගමන් ආරම්භ කිරීම ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත යලි ආරම්භ වී තිබෙනවා. අමාත්‍යවරයා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා. අක්කර 50ක භූමියක පිහිටුවා ඇති බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නවීන පහසුකම්වලින් යුක්තව සංවර්ධනය කර තරුණ තරුණියන් විශාල පිරිසකට තම හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට සුදුසු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තරුණසේවා සභාව මගින්  වැඩටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

The post බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නව ජවයකින් ගමන් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG