Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්ධන රථ ටැංකියකට ජලය මිශ්‍රවී ඇති බවට පළ වු වාර්ථා සම්බන්ධයෙන් විමර්ශනයක්  

Add comments

ඉන්ධන රථ ටැංකියකට ජලය මිශ්‍ර වී ඇති බවට පළ වු වාර්ථා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ඛණිජතෙල් සංස්ථා පාලනාධිකාරියට උපදෙස් දී තිබෙනවා.  එම විමර්ශන කටයුතු රාජ්‍ය අමාත්‍ය  ඩි. වි චානක මහතාගේ අධීක්ෂණ යටතේ සිදු කෙරෙනවා.

කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් වෙත ඊයේ රැගෙන ගිය ඉන්ධන ටැංකි රථයක ජලය යම් ප්‍රමාණයක් මිශ්‍ර වී ඇති බවට වාර්ථා වුණා. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බවයි ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව පවසන්නේ.

අදාළ ටැංකියට ඉන්ධන පිරවු කොළොන්නාව නිමාවේ ප්‍රධාන ටැංකියට ඉන්ධන තොග නෞකාවලින් ලබා ගැනිසෙම් දී ජලය යම් ප්‍රමාණයක් එකතු වනවා.

එහෙත් එම ජලය නිසි ක්‍රමවේදවලට අනුව ඉවත් කරන බවයි සංස්ථාව පවසන්නේ. එසේ කිරිමෙන් පසු ඉන්ධන නියැදි රසායනාගාර පරීක්ෂණවලට ලක් කෙරෙනවා. එකී ඉන්ධන නියමිත ප්‍රමිතියට අනුකූල බව තහවුරු වනනේ නම් පමණක් පාරිභොගිකයන් සදහා නිකුත් කරන බවයි ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව සදහන් කරන්නේ.

පාරිභෝගිකයන් වෙත කිසිදු අයුරකින් ජලය මිශ්‍ර ඉන්ධන තොග ලැබීමට ඉඩකඩ නොමැති බව සංස්ථාව අවධාරණය කරනවා. මෙම සිදු වීමේ දී පිරවුම්හල් හිමිකරු හා කාර්යය මණ්ඩලය සංස්ථාවේ නීති රීතිවලට අනුව කටයුතු කර ඇති බව පවසන සංස්ථාව කෙසේ වෙතත් සිද්ධිය පිළිබද පූර්ණ විමර්ශනයක් සිදු කෙරෙන බව සදහන් කරනවා.

 

 

 

The post ඉන්ධන රථ ටැංකියකට ජලය මිශ්‍රවී ඇති බවට පළ වු වාර්ථා සම්බන්ධයෙන් විමර්ශනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG