Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කොළඹ වරායට  

Add comments

ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගැණුනු රුපියල් මිලියන තුන්දහස් හාරසිය හතලිස් තුනකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගය කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන එනු ලැබුවා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා එම හෙරොයින් තොගය නිරීක්ෂණය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 17දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ශ්‍රී ලංකා නාවික හමුදාව,  රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව යොදාගනිමින් සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමිනුයි මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇත්තේ. එහිදී දෙවුන්දර සිට කිලෝ මීටර් 1364ක් පමණ  දුරකින් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ හෙරොයින් කිලෝ 330ක් සහිත යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමටයි නාවික හමුදාවට හැකිවුණේ. එම නෞකාව කොළඹ වරාය පරිශ්‍රය වෙත රැගෙන නාවික හමුදාවේ මැදිහත් වීමෙන් ඒම අද පස්වරුවේ සිදු කෙරුණා. කොළඹ වරායට රැගෙන ආ හෙරොයින් තොගය නිරීක්ෂණය සදහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද එක්වුණා.

එම බහුදින ධීවර යාත්‍රාවේ තිබී රුපියල් මිලියන 3334කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 334 ග්‍රෑම්  456ක් සොයා ගත්තා. සූක්‍ෂම ලෙස උර 13ක් තුළ පැකට් 309ක මෙම හෙරොයින් තොගය අසුරා තිබුණා. යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු ජනවාරි මස 17 වන දින අත්අඩංගුවට ගත් අතර  තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය තොගය  මුහුදේදී හුවමාරු කර ගොඩබිමට රැගෙන යාමට පැමිණි තවත් සැකකරුවන් 05 දෙනෙකු ජනවාරි මස 22 වන දින අත්අඩංගුවට ගත්තා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් 06 දෙනෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි ප්‍රධාන ජාවාරම් කරු ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටයි තොරතුරු තහවුරු වී ඇත්තේ.

 

 

 

The post ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කොළඹ වරායට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG