Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යම ආසියානු රටවල් සමඟ වඩාත් සමීප සබඳතා ගොඩ නඟන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්  

Add comments

චීනය මධ්‍යම ආසියානු රටවල් සමග වඩාත් සමීප සම්බන්ධතා ගොඩ නඟන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කරයි.

චීනය මධ්‍යම ආසියානු රටවල් 5 සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹීමේ 30 වන සංවත්සරයේ මාර්ගගත සමුළුව ඊයේ (25) සවස පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක්වෙමින් දේශනයක් පැවැත්වීය. ගත වූ වසර 30 තුළ චීනය මධ්‍යම ආසියානු රටවල් 5 සමග යහපත් සහයෝගිතාවක් පවත්වා තිබේ. අන්‍යෝන්‍ය ගෞරවය, සුහදශීලිත්වය, දුක සැප එකට බෙදා ගැනීම සහ පොදු ජයග්‍රහණය එවන් යහපත් සහයෝගිතාවකට හේතු වී ඇතැයි හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. ඉදිරියේදී කුමන ආකාර සංවර්ධිත තත්ත්වයකට පත් වුවද චීනය, මධ්‍යම ආසියානු රටවල විශ්වසනීය අසල්වැසියෙකු, මිත්‍රයෙකු, සහෝදරයෙකු හා හවුල්කරුවෙකු වනු ඇත. මධ්‍යම ආසියානු රටවලට, සිය දේශීය තත්ත්වයන්ට සරිලන සංවර්ධන මාවත්වල ගමන් කිරීමට චීනය ස්ථිර ලෙස සහය ‍දෙන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. මධ්‍යම ආසියානු රටවල් සමඟ වඩාත් සමීප සම්බන්ධතා ගොඩනගන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර සමුළුවට එක් වූ මධ්‍යම ආසියානු රටවල් පහේ නායකයන් කියා සිටියේ ලබන සතියේ ආරම්භ වන බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට එක් වීමට බලාපොරොත්තු වන බවයි. කොවිඩ් වසංගතය මැඩපවත්වමින් සාර්ථක ශීත සෘතු ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට චීනයට හැකි වනු ඇති බවට ඔවුන් එහිදී විශ්වාසය  පළ කර තිබේ.

The post මධ්‍යම ආසියානු රටවල් සමඟ වඩාත් සමීප සබඳතා ගොඩ නඟන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG