Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 942ක්  

Add comments

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 942නෙකු හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හත්දහස් එකසිය හතරක් දක්වා ඉහළ ගියා.

මේ අතරින් දාහතර දහස් හත්සිය පස් දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේදී ආසාදිතයන් දෙසිය හතලිස් නව දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ථ කෙරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ හැත්තෑ හත් දහස් තිහක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේදී කොරෝනා මරණ 23 ක් වාර්තා වුණා. මේ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස් දහස් තුන්සිය හැට නවයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස එක්කෝටි හැටපන් ලක්ෂ අසූතුන් දහස් හත්සිය විසිහතරක් වනවා. දෙවන මාත්‍රාව එක්කෝටි තිස් අට ලක්ෂ අනූහත් දහස් හයසිය අසූ දෙදෙනෙකු ලබා ගත්තා. බූස්ටර් එන්නත පනස් ලක්ෂ හතලිස් හය දහස් අටසිය විසි තුන් දෙනෙකු ලබාගෙන තිබෙනවා. එන්නත් ලබා ගැනීමට කිසිදු සැකයකින් තොරව ඉදිරිපත් වන ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගතවූ පැය 24ක කාලය තුලදී ලොව පුරා කොරෝනා ආසාදිතයන් තිස්හතර ලක්ෂ අනූපන්දහස් හාරසිය හැට හය දෙනෙකු හදුනා ගැනුණා. එම කාල සීමාවේදී කොරෝනා මරණ දහ දහස් හැට තුනක් සිදුව තිබෙනවා. වැඩිම ආසාදිතයන් හා මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ අනුව පැය 24ක කාලය තුලදී ඇමෙරිකාවෙන් ආසාදිතයන් හාරලක්ෂ අනූහත් දහස් තුන්සිය පනස් එක් දෙනෙකු හදුනාගෙන ඇති අතර එරට කොරෝනා මරණ 2689 ක් සිදුවුණා. මේ අනුව ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් තිස්හය කෝටි හැටහත් ලක්ෂ හැත්තෑ දහස් එකසිය දහනව දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව පනස් හය ලක්ෂ පනස් හය දහස් හයසිය අනූඑකක්.

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 942ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG