Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානය හමුවේ බොදවී ගිය යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තුව  

Add comments

19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 4 ක පරාජයක් හිමිවුණා.

ඒ අනුව මෙවර යොවුන් ලෝක කුසලානය පිළිබද ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තුව මෙම පරාජයත් සමගින් බිද වැටුණා.

බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වෙන 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා,  බටහිර ඉන්දීය කොදෙව් ඇතුලු ප්‍රබල රටවල් කිහිපයක් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානය දිනාගනු ඇති බවට ද ක්‍රීඩා විචාරකයින් මත පළ කළා. කෙසේ වෙතත් අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව ඊයේ දිනයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජයට පත්වුණේ අනපේක්ෂිත අයුරින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 47 යි 1 පන්දුවකදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 134 ක් පමණයි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 10 කට කඩුලු 5 ක් බිද හෙලුවා. ලකුණු 135 ක ඉතා පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 කදී  ලකුණු 130 කට අවාසනාවන්ත ලෙස සියලු දෙනා දැවී ගියේ ලෝක කුසලාන බලාපොරොත්තුව බොද කර ගනිමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 34 යි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නූර් අහමඩ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

 

The post ඇෆ්ගනිස්ථානය හමුවේ බොදවී ගිය යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තුව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG