Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් දින උළෙ‌ලේ පෙරහුරු වැඩසටහන හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්  

Add comments

74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ 7 නිදහස් චතුරස්‍ර පරිශ්‍ර යේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. නිදහස් දින උළෙ‌ලේ සම්මාන පෙළපාලි පෙරහුරු වැඩසටහන හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

අද සිට ලබන මස 3වනදා තෙක් පෙරවරු 7 සිට පස්වරු 2 දක්වා සම්මාන පෙළපාලි පෙරහුරු වැඩසටහන් පැවැත්වෙනවා.

ඒ අනුව රථවාහන සදහා මාකස් ප්‍රනාන්දු මාවත, කේම්බ්‍රිජ් පෙදෙස හන්දියෙන් ඇල්බට් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම, පුස්තකාල මංසන්ධියෙන් මාකස් ප්‍රනාන්දු මාවත දෙසට ඇතුළුවීම, පුස්තකාල මංසන්ධියෙන් ආනන්ද කුමාරස්වාමී මාවතට ඇතුළුවීම, මෙන්ම ධර්මපාල මාවතෙන් එෆ් ආර් සේනානායක මාවතට ඇතුළු වීම මෙම කාලසීමාවේදී, සීමා කිරීමට නියමිතයි.

සොයිසා වටරවුම දෙසින්  එෆ් ආර් සේනානායක මාවතෙන් , විජේරාම මාවතෙන් රොස්මිඩ් පෙදෙස ඔස්සේ සහ විජේරාම මාවතෙන් බාන්ස් පෙදෙස ඔස්සේ සීඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මාවතට රථවාහන ඇතුළු වීම ද සීමා කෙරෙනු ඇති. හෝර්ටන් පෙදෙස විජේරාම මංසන්ධියෙන් හෝර්ටන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් මංසන්ධිය දෙසට ඇතුළුවීම, විජේරාම මාවතේ සිට ශ්‍රීමත් ආර් ජී සේනානායක මාවත ඔස්සේ මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම ද සීමා වනවා.

හෝර්ටන් පෙදෙස මේට්ලන්ඩ් ක්‍රසන්ට් මංසන්ධියෙන් හෝර්ටන් වටරවුම දෙසට අතුළුවීම ශ්‍රීමත් ආර් ජී සේනානායක මාවතෙන් මේට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම, විජේරාම මාවතෙන් විද්‍යා මාවත මංසන්ධියෙන් විද්‍යා මාවතට ඇතුළු වීම, විද්‍යා මාවතෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම ද සීමා කිරීමට නියමිතයි.

බෞද්ධාලෝක මාවත දෙස සිට ආර් එෆ් පී මංසන්ධියෙන් මේට්ලන්ඩ් පෙදෙසට ඇතුලුවීම, බෞද්ධාලෝක මාවත ටොරින්ටන් මංසන්ධියෙන් ප්‍රේමකීර්තිද අල්විස් මාවතට, ප්‍රේමකීර්තිද අල්විස් මාවතෙන් නිදහස් මාවතට, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම මාවතට, පදනම මාවත අසලින් නිදහස් චතුරස්‍රයට, පදනම මාවතෙන් නිදහස් මාවතට මෙන්ම නිදහස් වටරවුමෙන් නිදහස් මාවතට දෙසට සහ මේට්ලන් ක්‍රසන්ට් දෙසට රථවාහන ඇතුළුවීම ද සීමා කෙරෙනු ඇති.

කොළඹට ඇතුළුවීම හා පිටවීම සදහා විකල්ප මාර්ග කිහිපයක්ද හදුන්වාදී තිබෙනවා. ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය මංසන්ධියෙන් පැමිණෙන රථවාහන, ලිබර්ටි වටරවුම, ධර්මපාලමාවත, පිත්තල මංසන්ධිය, රතුකුරුස මංසන්ධිය, ලිප්ටන් වටරවුම ඔස්සේ යුනියන් පෙදෙසට, වෝඩ් පෙදෙසට සහ ඩීන්ස් පාරට ඇතුළු විය හැකියි. හැව්ලොක් පාර තුම්මුල්ල මංසන්ධියෙන් පැමිණෙන රථවාහන තර්ස්ටන් පාර, අර්නස්ද සිල්වා මාවත, ආනන්ද කුමාරස්වාමී මාවත, පිත්තල මංසන්ධිය ඔස්සේ ජේම්ස් පිරිස් මාවත හා ධර්මපාල මාවතට ඇතුළුවිය හැකි බවයි පොලිසිය සදහන් කළේ. හෝර්ටන් පෙදෙස ඔස්සේ පැමිණෙන රථවාහන හෝර්ටන් පෙදෙස විජේරාම මංසන්ධියෙන් දකුනට හරවා වෝඩ් පෙදෙස සොයිසා වටරවුම ඔස්සේ ධර්මපාල මාවත හා යුනියන් පෙදෙසට හා ඩීන්ඩ් පාරට ඇතුළුවිය හැකියි.

ධර්මපාල මාවත, යුනියන් පෙදෙස හෝ ඩින්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථවාහන, බොරැල්ල දෙසට ධාවනය සදහා වෝඩ් පෙදෙස භාවිත කළ හැකි වනවා. රථවාහන වෝඩ් පෙදෙස, විජේරාම මංසන්ධියෙන් විජේරාම මාවතට ඇතුළුවී හෝර්ටන් පෙදෙස ඔස්සේ ද බොරැල්ල දෙසට ධාවනය කළ හැකියි. බෞද්ධාලෝක මාවතට පිවිසෙන රථවාහනවලට, කනත්ත වටරවුම දෙසින් පිටවයා හැකි වනවා.

යුනියන් පෙදෙස, ඩීන්ස් පාර සහ වෝඩ් පෙදෙස ඔස්සේ සොයිසා වටරවුමට පැමිණ හැව්ලොක් පාර දෙසට, පිටව යන රථවාහන ධර්මපාල මාවත, රතුකුරුස මංසන්ධිය, පුස්තකාල මංසන්ධිය, ආනන්ද කුමාරස්වාමි මාවත, අර්නස්ද සිල්වා මාවත, කේම්බ්‍රිජ් පෙදෙස මංසන්ධිය, ජේඕසී මංසන්ධිය, රාජකීය මාවත, පිලිප් ගුණවර්ධන මාවත, තුම්මුල්ලවටරවුම ඔස්සේ පිටව යා හැකියි. යුනියන් පෙදෙස ඩීන්ස් පාර සහ වෝඩ් පෙදෙස ඔස්සේ සොයිසා වටරවුමට පැමිණ ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාර දෙසට පිටව යන රථවාහන රතුකුරුස මංසද්ධිය, පුස්තකාල මංසන්ධිය, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත ඔස්සේ පිටව යා හැකි බවයි පොලිසිය සදහන් කළේ.

 

The post නිදහස් දින උළෙ‌ලේ පෙරහුරු වැඩසටහන හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG