Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සඳුදා දක්වා විදුලිය විසන්ධි නොවේ – මහජන උපයෝගිතා කොමිසම  

Add comments

විදුලි ඉල්ලුම සහ සැපයුම පිළිබඳ පවතින දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා (31) දක්වා විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කළා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, අද පස්වරුවේ එම දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

හෙට පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාර්ය බහුල වේලාවන්හිදී මෙගාවොට් 300 දක්වා සුළු විදුලි හිඟයක් ඇති විය හැකි බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස රත්නායක මහතා සියලු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත්, සඳුදා වනතුරු විදුලිය කප්පාදුව අනුමත නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබුණා.

අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා විදුලිය ඉතිරි කර ගැනීම සඳහා මුළු රටම බලශක්ති සේවා ක්‍රමයකට යා යුතු බවයි අදින් පසු ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මත තත්ත්වය පිළිබඳව නැවත සලකා බලන බවත් රත්නායක මහතා සඳහන් කළා.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයෙන් දින 10කට ප්‍රමාණවත් ඉන්ධන ලබාගෙන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාකාරිත්වය ජනවාරි 30 වන විට නැවත ආරම්භ කිරීමෙන් පසු නැවත විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි රත්නායක මහතා පවසන්නේ.

ඉල්ලුමට සරිලන විදුලි සැපයුම ප්‍රමාණවත් නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයින්ට විදුලිය භාවිත කිරීමේදී ස්වයං පාලනයක් අනුගමනය කළ හැකි නම්, එය හදිසි අවස්ථා වලදී පවා අඛණ්ඩ සැපයුමක් සහතික කිරීමට උපකාරී වනු ඇතැයි ඔහු කියාසිටියා.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් සියලුම ආයතනවලට සහ පාරිභෝගිකයින්ට නිර්දේශ නිකුත් කිරීමට නියමිත බවද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

The post සඳුදා දක්වා විදුලිය විසන්ධි නොවේ – මහජන උපයෝගිතා කොමිසම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG