Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාව කොරෝනාවෙන් මුදවන එන්නතට වසරක වියදම රුපියල් බිලියන 25ක්  

Add comments

මෙරට කොරෝනා මර්දන එන්නත් ක්‍රියාවලිය ආරම්භ කොට අදට වසරක් සම්පූර්ණ වනවා. ඒ වෙනුවෙන් සැමරුම් වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සහ රෝහල්වලදී අද පැවැත්වුණා

ශ්‍රී ලංකාව මේ වන විට ගෝලීය කොවිඩ් එන්නත්කරණයේ මුල් රටවල් 6 අතර පසුවනවා. ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධන එන්නත් රැගෙන ඒම සදහා පමණක් රජය පසුගිය කාලයේදී රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.

පසුගිය වසරේ ජනවාරි මස 28 වනදා ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට රැගෙන ඒමෙන් පසු කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාව මේ වන විට ගෝලීය එන්නත්කරණයේ මුල් රටවල් 6 අතර පසුවනවා. ශ්‍රී ලංකාව පළමුවෙන්ම එන්නත්කරණය ආරම්භ කළේ වසංගතය පාලනය කිරීමේ නිරතව සිටින ඉදිරි පෙළ සේවකයන්ටයි. දෙවනුව වයස අවුරුදු   60සහ ඊට වැඩි වැඩිහිටියන්ටත් දිගුකාලීන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ටත් ප්‍රමුඛත්වය දෙනු ලැබුවා. ඉන් පසු වයස අවුරුදු 20 ට සහ ඊට වැඩි සියලු දෙනා වෙත කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සිදුවුණා.

2021 වසර අග භාගයේදී දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන වයස අවුරුදු 12ට වැඩි දරුවන්ටද පසුව වයස අවුරුදු 16 වැඩි සියලු දරුවන්ට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදු කෙරුණා. මෙරට එන්නත්කරණ වැඩසටහනේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මේ වසරේ ජනවාරි මාසයේදී වයස අවුරුදු 12 සිට 15 දක්වා පාසල් දරුවන් සදහා ද කොවිඩ් එන්නත් ලබාදීම සිදුවුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙරට භාවිතය සදහා කොරෝනා මර්දන එන්නත් වර්ග 5 ක් අනුමත කළා. ඒ ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් වී ඇස්ට්‍රා සෙනෙකා හා සයිනොෆාම් එන්නතුයි. පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකා රජය එන්නත් මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැය කර තිබුණා. ඒ අනුව එන්නත් මාත්‍රා දෙකෝටි අට ලක්ෂ නවසිට හැට හතරක් මෙරටට ගෙනවිත් තිබුණා. මේ වසරේ ජනවාරි මස 18 වන දින වන විට ඉලක්ක ගත ජනගහනයෙන් සියයට 100ක් සදහා ප්‍රථම එන්නත් මාත්‍රාව ලබා දී තිබූ අතර සියයට අසූපහක් සදහා එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබුණා.

මෙරටදී මුල්ම කොරෝනා එන්නත ලබාදීම සිදුවුණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටයි. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අද පැවති විශේෂ උත්සවයකදී ඒ මහතා අගයමින් උපහාර උළෙලක් පැවැත්වුණා.

මේ අතර ඒන්නත්කරණයට වසරක් සපිරීමේ ප්‍රධාන සැමරුම් වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. ඒ කෙහෙළිය රඹුක්වැල්ල, චන්න ජයසුමන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පවිත්‍රා වන්නිආරච්චි යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්  පිරිසක් ද එක්ව සිටියා. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පිරිස් සිහිපත් කිරීම සදහා විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීම විශේෂත්වයක්. මෙහිදී  සර්ව  ආගමික වතාවත් සිදුකෙරුණා. ජාතික සැමරුම් උත්සවයට සමගාමී ලෙස සෑම පළාතකම සැමරුම් වැඩසටහන් ද සංවිධාන කර තිබුණා. ඒ පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම ප්‍රාදේශීය රෝහල් මට්ටමට වඩා ඉහළ සෑම රෝහලකම සහ ප්‍රාොදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ද සැමරුම් වැඩසටහන් පැවැත්වුණා.

The post ජනතාව කොරෝනාවෙන් මුදවන එන්නතට වසරක වියදම රුපියල් බිලියන 25ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG