Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජීවිත 5ක් බිලිගත් ගැරඬි ඇල්ලේ ඛේදවාචකය (Video)  

Add comments

ඇටම්පිටිය උමා ඔය ගැරඬි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි අනෙක් තරුණියගේ සිරුර  ද අද සොයා ගැනුණා. ඒ අනුව මෙම ඛේදවාචකයෙන් දිවි අහිමි වූ පුද්ගලයන්ගේ ගණන 5ක්.

ඇටම්පිටිය ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසක පැවති දානමය පුණ්‍යකර්මයකට සහභාගී වූ පිරිසක් ඊයේ පස්වරුවේ ගැරඬි ඇල්ලේ දිය නෑමට ගොස් තිබුණා. එහිදී තරුණයෙකු දියේ ගිලී ඇති අතර ඔහු බේරා ගැනීමට සෙසු මිතුරන් උත්සාහ දැරුවා. වයස අවුරුදු 19ත් 23ත් අතර තරුණ තරුණියන් 5 දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ. ඔවුන් ඇටම්පිටිය , ලිදුල සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන්. ජයරාම් කාංචනා ප්‍රියා, සෙල්වකුමාර් හරිමලාදේවී,සඩෙයිඅප්පන් චන්ද්‍රලේඛා, වනරාජා ඩේවිඩ් කුමාර් නමැති සිව් දෙනාගේ දේහයන් ඊයේ සොයා ගැනීමට හැකිවුණා. අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර සොයා ගත්තේ අද දහවල් කාලයේයි. ඒ දියවලක ගල්කුහරයක් තුල සිරවී තිබියදීයි.

දියේ ගිලීමෙන් මිය ගිය පස්දෙනාගේ දේහයන් මේ වන විට බදුල්ල මහරෝහලේ තැන්පත් කර තිබෙනවා. දේහයන් පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය හෙට සිදු කිරීමට නියමිතයි. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

The post ජීවිත 5ක් බිලිගත් ගැරඬි ඇල්ලේ ඛේදවාචකය (Video) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG