Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලි කප්පාදුවක් සිදුකරනවාද? නැද්ද? – තීරණය හෙට  

Add comments

විදුලිබල මණ්ඩලය සතුව ඇති දැවිතෙල් ප්‍රමාණය ගණනය කිරීම සඳහා හෙට දිනයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා. සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දින තුනේදි විදුලිය  කප්පාදුවක් කරනවාද නැද්ද යන්න පිළිබඳව එම සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දැවි තෙල් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඊයේ දිනයේ දී සපුගස්කන්ද බලාගාරය සම්පුර්ණයෙන්ම අක්‍රීය වුණා. මේ නිසා ජාතික විදුලිබල පද්ධතියට අහිමි වු විදුලි ධාරිතාව මෙගාවොට් 108 ක්. දැවිතෙල් රැගත් නෞකාවක් යළි මෙරටට පැමිණෙන්නේ මාර්තු මාසයේ දී බවයි විදුලිබල මණ්ඩලයේ වැඩබලන සමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරන්නේ. ඒ තත්ත්වය යටතේ යුගදනවි බලාගාරයේ ගබඩා කර තිබෙන දැවිතෙල් තව දින 10කින් අවසන් වීමට නියමිත වනවා. කෙසේ වෙතත් අලුත් වැඩියා කරමින් පවතින නොරොච්චොලේ බලාගාරයේ තුන්වෙනි ඒකකයෙන් ලබන 28 වන විට මෙගාවොට් 300ක් විදුලිබල පද්ධතියට එක්කිරීමට හැකිවන බවයි වැඩබලන සමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරන්නේ. එළඹෙන අගහරුවාදා වන විට තාප බලාගාරවල දැවිතෙල් අවසන් වීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 183ක ධාරිතාවක් අහිමි වී යෑම හේතුවෙන් රාත්‍රී කාලයේ දී විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවයි ඒ මහතා කියා සිටියේ. කෙසේ වෙතත් විදුලි ජනනය සඳහා අවශ්‍ය දැවි තෙල්  කොපමණ ප්‍රමාණයක් විදුලිබල මණ්ඩලය සතු ව පවතින්නේ ද යන්න පිළිබඳව හෙට දිනයේ සාකච්ඡා කර විදුලි කප්පාදුවක් සිදුකරනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය කරන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කලා. විදුලි අර්බුධය සම්බන්ධයෙන් හෙට දිනයේ දී  කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජලධාරිතාවය 95% ඉක්මවනු ලැබුවා. මේ තත්ත්වය යටතේ විදුලිබල නිෂ්පාදනයට 70% කට අධික ජල ධාරිතාවක් ජනවාරි 15 වනදා දක්වා ලබා දී තිබෙනවා.  කෙසේ වෙතත් කෘෂිකාර්මික කටයුතු,පානීය ජලය මෙන්ම අනිකුත් පරිසර අවශ්‍යතා වෙනුවෙන් ජලය රඳවා තබා ගැනීම හේතුවෙන් තවදුරටත් විදුලිබල නිෂ්පාදනයට පෙර පරිදි ජලය නිකුත් කිරීමට නොහැකි බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජලකළමණාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ.

The post විදුලි කප්පාදුවක් සිදුකරනවාද? නැද්ද? – තීරණය හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG