Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ පැවති නීත්‍යානුකූල රජයේ ප්‍රධානීන් එක්සයිල් ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කරයි  

Add comments

ඇෆ්ගනිස්ථානයේ පැවති නීත්‍යානුකූල රජයේ ප්‍රධානීන් පිරිසක් එක්ව එරටින් බැහැරව පවත්වාගෙන යන ආණ්ඩුවක් හෙවත් එක්සයිල් ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණ බවයි එරට හිටපු පළමු උප ජනාධිපති අමරැල්ලා සලේ පවසන්නේ. ස්විස්ටර්ලන්තයේ පිහිටි ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය මගින් මේ පිළිබඳව නිවේදනය කර තිබෙනවා. එම නිවේදනය අනුව ඇෆ්ගනිස්ථාන ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගැණුනු පැවති ඉස්ලාමීය ඇෆ්ගනිස්ථාන රජය එරට නීත්‍යානුකූල ආණ්ඩුව වන අතර වෙනත් කිසිඳු ආණ්ඩුවකට හෝ කණ්ඩායමකට මෙම තත්ත්වය අත්කර ගැනීමට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවයි පැවසෙන්නේ. රටින් බැහැර ආණ්ඩුව සඳහා විදේශයන්හි ඇති සියලුම ඇෆ්ගනිස්ථාන තානාපති සහ කොන්සල් කාර්යාල නව ආණ්ඩුව නියෝජනය කරන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ පැවති නීත්‍යානුකූල රජයේ ප්‍රධානීන් එක්සයිල් ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG