Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට පියවර රැසක්  

Add comments

උතුරු කොරියාවේ කොරෝනා වයිරස් ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර රැසක් ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ යටතේ එරට පියොංයැං නගරයේ ස්ථාන රැසක් විෂබීජහරණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ශරීර උෂ්ණත්වය මැන බැලීම , දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති රැසක් හදුන්වාදීමට ද කටයුතු කර තිබෙනවා. කොරෝනා වයිරස් ව්‍යාප්තිය වැළැක්වීමට දේශසීමා වසා දමමින් දැඩි නීති පැනවීමට උතුරු කොරියා රජය කටයුතු කළා. කෙසේ නමුත්  වයිරස් වාහකයෙකු රට තුළට ඇතුළුවී ඇති බවට මතුව ඇති සැකය හමුවේ මෙම පියවර ගැනීමට උතුරු කෙරියා රජය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post උතුරු කොරියාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට පියවර රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG