Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන සමුළුව මෙරටදී  

Add comments

ආසියානු සංවර්ධන බැංකුවේ පනස් පස් වෙනි වාර්ෂික සමුළුව මෙරටදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පශ්චාත් කොරෝනා සමය ජය ගන්න මේ සමුළුව විශේෂ අවස්ථාවක් වෙන බවයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ.

ආසියානු සංවර්ධන බැංකුවේ පනස් පස්වෙනි වාර්ෂික සමුළුව ලබන වසරේ මැයි මාසයේ දෙවනදා සිට පස් වනදා දක්වා මෙරට පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම සමුළුවට සාමාජික රටවල නියෝජිතයන් තුන් දහසත් පන් දහසත් අතර පිරිසක් සහභාගි විමට නියමිතයි.

මුදල් අමාත්‍යවරුන් මහ බැංකු අධිපතිවරුන් ජාත්‍යන්තර බැංකු නියෝජිතවරුන්,  සමාගම් විධායක නිලධාරීන් මෙන්ම මාධ්‍ය වේදීන් ද ඊට එක් වනවා.

පශ්චාත් කොවිඩ් 19 ලෝකය සදහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම යන්න මෙවර සමුළුවේ තේමාවයි.

 

 

The post ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන සමුළුව මෙරටදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG