Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියා මහා බාධක කොරල් පරය ආරක්ෂා කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක්  

Add comments

ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයේ ආරක්ෂාව සදහා විශේෂ තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

කාලගුණික විපර්යාස හේතුවෙන් අවධානමට ලක්ව තිබෙන ඕස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළ ඔබ්බෙන් පිහිටි ලොව විශාලතම කොරල්පර පද්ධතිය ආරක්ෂාකර ගැනීමට නව තාක්ෂණික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ක්ලව්ඩ් බ්‍රයිට්නින් නම් වූ තාක්ෂණය උපයෝගීකර ගනිමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් හරහා කොරල්පර පද්ධතිය ආරක්ෂාකර ගැනීම අරමුණ වී ඇති බවයි පැවසෙන්නේ. මෙම ක්‍රමවේදය මගින් හිරු එළියේ බලපෑම අවම වීමත්  පරිසර තත්ත්වයන් පාලනයවීමත් සිදුවනු ඇති බවයි විද්‍යාඥයින්ගේ මතය වී තිබෙන්නේ. මහා බාධක කොරල්පරය විනාශවීමේ තර්ජනයට ලක්ව ඇති ලෝක උරුමයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්කර තිබෙනවා.

 

 

 

 

The post ඕස්ට්‍රේලියා මහා බාධක කොරල් පරය ආරක්ෂා කිරීමට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG