Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුහුණු සංක්‍රමණිකයින් රට තුළ රඳවා ගැනීමට නවසීලන්තයෙන් පියවර රැසක්  

Add comments

පුහුණු සංක්‍රමනිකයින් තම රට තුළ රඳවා ගැනීමට කඩිනම් පියවර රැසක් ගැනීමට නවසීලන්ත රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ඇතිවූ ප්‍රමාද හේතුවෙන් බොහෝ පුහුණු ශ්‍රමිකයින් නවසීලන්තය අතහැරදමා යෑමට කටයුතු කිරීම එම තීරණයට හේතුවී තිබෙනවා. පුහුණු ශ්‍රමිකයින් අහිමිවීමේ ගැටලුවට මුහුණදෙමින් සිටින නවසීලන්තය එය වළක්වා ගැනීම සදහා සංක්‍රමණික පුද්ගලයින් සදහා ස්ථීර පදිංචිය පහසු කිරීමේ අරමුණෙන් වීසා 175,000 ක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

එමගින් බොහෝ සංක්‍රමණිකයින් සදහා පහසුවෙන් නවසීලන්තයේ පුරවැසිභාවය හිමිකර ගැනීමේ වාසනාව හිමිවනු ඇති. මෙම ක්‍රමවේදය ලබන දෙසැම්බරයේ සිට ඇරඹීමට කටයුතු කර ඇති බවයි නවසීලන්ත රජය නිවේදනය කරන්නේ.

 

The post පුහුණු සංක්‍රමණිකයින් රට තුළ රඳවා ගැනීමට නවසීලන්තයෙන් පියවර රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG