Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 941ක්  

Add comments

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 941 දෙනෙකු වාර්තා වූ අතර කොරෝනා මරණ 61 ද තහවුරු කර තිබුණා.

ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් 941 දෙනා ද සමගින් මේ දක්වා මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 516,465 ක්. ඒ අතරින් 46,761 දෙනෙකු රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 456,857 ක්.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 61 ද සමගින් මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12,847 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ මියගිය 61 දෙනා අතර වයස අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු හා කාන්තාවන් 5 දෙනෙකු ද වනවා. ඊයේ දිනය තුළ මෙරට දී පීසීආර් පරීක්ෂණ 7,367 ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,823 ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 941ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG