Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉක්වදෝරයේ බන්ධනාගාරයක ගැටුමකින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි  

Add comments

ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව සියය ඉක්මවා තිබෙනවා.

එරට ගුආයාකුවිල් නගරයේ පිහිටි බන්ධනාගාරයක ඊයේ හටගත් එම ගැටුමෙන් තවත් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය සංඛ්‍යාව 116 ක්. එරට අපරාධ කණ්ඩායම් දෙකකට අයත් රැදවූවන් අතර ගැටුම හටගෙන තිබෙනවා. එම ගැටුම පාලනය කිරීම සඳහා එරට පොලීසිය සහ හමුදාව මැදිහත්වී ඇති අතර ඊට පැය 5 ක පමණ කාලයක් ගතවී තිබෙනවා. මෙවන් ගැටුම් ඉක්වදෝරයේ බන්ධනාගාර තුළ මීට පෙර ද හටගෙන තිබීම හේතුවෙන් ඒවා පාලනය කිරීමේ අරමුණෙන් පසුගිය ජූලි මාසයේ සිට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යෙදුනා. එරට ඉතිහාසයේ සිදුවූ දරුණුතම බන්ධනාගාර ගැටුම මෙය ලෙස සටහන් වනවා.

 

 

The post ඉක්වදෝරයේ බන්ධනාගාරයක ගැටුමකින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG