Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොංගෝ රාජ්‍යයේ ස්ත්‍රී දූෂණ රැසකට ලෝක සෞඛ්‍ය සංවිධාන සේවකයින් සම්බන්ධ බව හෙළි වෙයි  

Add comments

කොංගෝ රාජ්‍යයේ සිදු වූ ස්ත්‍රී දූෂණ රැසකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවකයින් සම්බන්ධ බවට පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවයේ නියුතු විසිඑක්දෙනෙකු හා ලෝක සෞඛ්‍ය සංවිධානය හා සමගාමීව කටයුතු කළ ආයතන කිහිපයක සේවකයින් අසූතුන්දෙනෙකුට මෙම චෝදනාව එල්ල වුණා. කොංගෝ රාජ්‍යය තුළ ඉබෝලා වසංගතය පැවති සමයේදී එහි සේවයේ නිරතව සිටියදී ඔවුන් ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධ වී ඇති බවටයි හෙළිව ඇත්තේ.

මෙහිදී කාන්තාවන් පනස් දෙනෙකු පමණ දූෂණයට ලක්ව ඇති බව වාර්තා වනවා. කාන්තාවන් විසිනව දෙනෙකු ගැබ් ගෙන ඇති අතර ඔවුන්ගේ දරු ගැබ් විනාශ කරන ලෙසට මෙම පිරිස බලකර ඇති බවද හෙළිව තිබෙනවා. කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දැඩි දඩුවම් පැමිණවීමට පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්හ්නොම් ප්‍රකාශ කරනවා.

 

 

 

The post කොංගෝ රාජ්‍යයේ ස්ත්‍රී දූෂණ රැසකට ලෝක සෞඛ්‍ය සංවිධාන සේවකයින් සම්බන්ධ බව හෙළි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG