Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තිස්සමහාරාම යෝධ වැව් රක්ෂිතය බිලිගන්න හදන හෝටල් හිමියන්  

Add comments

තිස්සමහාරාම යෝධ වැව් රක්ෂිතයත් හෝටල් හිමියන්ට බිලිවෙමින් පවතින බව අපට වාර්තා වනවා. මේ වන විටත් හෝටල් කිහිපයක් වැව් රක්ෂිතයේ ඉදිකර ඇති බැවින් රක්ෂිත මායිම් සළකුණු කිරීමට යාමේදී අනවසර ඉදිකිරීම්කරුවන් සහ නිලධාරීන් අතර ගැටුමක්ද ඇති වූ බවයි වාර්තා වුණේ.

මහානාග රජු සමයේ ඉදිවූ යෝධ වැව අක්කර එක්දහස් දෙසිය තිහක වපසරයකින් යුක්ත වූ බව පැරණි සිතියම් නිරීක්ෂණයේදී තහවුරු වනවා. එහෙත් මේ වන විට ඉඩම් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවීමෙන් විශාල වපසරියක් වැවට අහිමි වී ගොස් තිබෙනවා. අනවසර හෝටල් මෙන්ම අනවසර වගාවන්ද ඊට හේතුවයි.

මෙම තත්ත්වය මත වැව් රක්ෂිතයේ සීමාවන් සළකුණු කිරීමට වැව ඉහළ ප්‍රදේශයේ අගලක් කැපීමට වාරිමාර්ග නිලධාරීන් තීරණය කළා. ඒ තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු අමිල ශිරන්ත මහතාගේ අධීක්ෂණයෙන්. බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මෙම අගල කැපීමේදී අනවසර වගාකරුවන්ගෙන් බාධා එල්ල වුණා. අවසානයේ වැව් රක්ෂිතයේ ඉදිකර ඇති හෝටල්වල හිමිකරුවන්ද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබුණා. අවසානයේ ඉංජිනේරුවරයාට සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට මෙන්ම බැකෝ යන්ත්‍රයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදු වුණා.

The post තිස්සමහාරාම යෝධ වැව් රක්ෂිතය බිලිගන්න හදන හෝටල් හිමියන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG