Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමූ මෘදුකාංග ඉංජිනේරුවරයා රිමාන්ඩ්  

Add comments

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන හය වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ ඇතුළු තවත් නඩු විභාග කිහිපයක තොරතුරු දැන්.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා.

අපරාධය සිදුකර ඇති ආකාරය හා එහි සූක්ෂම භාවය මෙන්ම විමර්ශනවල සංකීර්ණභාවය සලකා බැලීමේ දී විමර්ශනවලට සාධාරණ කාලයක් අවශ්‍ය බවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ.

 

 

The post ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමූ මෘදුකාංග ඉංජිනේරුවරයා රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG