Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක්  

Add comments

කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (29) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදීමට එකඟතාව පළ විය. ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, ගණිත සහ භාෂා සංවර්ධනය, තාක්ෂණික සංවර්ධනය සහ මානව සම්පත් යන අංශයන්හි සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජයට ආධාර ලබාදීමට එකඟත්වය පළ කළේ ය.

කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා “ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ භෞතික පරිසරයක් ගොඩනඟා දීම” මැයෙන් වන ව්‍යාපෘතිය යටතේ ගුරු පුහුණුව සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා ආදර්ශ විද්‍යාල 04ක් ක්‍රියාවට නැංවීම,‍ පන්තිකාමර අලුත්වැඩියාව සහ ඉදිකිරීම් , පාසල්වල විශේෂ අධ්‍යාපනික ඒකක සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ පාසල්වලට සහ ගුරුවරුන්ට සැපයීම, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ශක්‍යතා සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, සහ සමාජ ඒකාබද්ධතාවය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ආදී ක්‍රියාකාරකම් ගණනාවක් එම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂිත බව අවධාරණය විය.

එමෙන් ම මෙරට තාක්ෂණික අධ්‍යාපනය සඳහා නව ජාතික අධ්‍යාපන විද්‍යාලයක් අලුතින් පිහිටුවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

The post කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG